Friday, November 13, 2026
HomeWORLDමීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

මීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

Published on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට එළඹීම පසුගිය ඔක්තෝබර් 04 දින සිදුවිය.

එහිදී මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 345ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇති බවයි.

කෙසේවෙතත් මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ශ්‍රී ලංකාවට කරුණු දෙකක් සපුරාලීමට සිදුවනු ඇත.

එනම්,

  1. මුදල් අමාත්‍යවරයා විසින් විස්තීර්ණ ණය පහසුකමෙහි පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  2. බහුපාර්ශවික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම සහ ණය ප්‍රතිව්‍යූහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ හත්වන සමාලෝචනයට විධායක අනුමැතිය ලැබීම සඳහා හෙට (12) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පරාමිතීන්ට අනුකූල වීම තීරණාත්මක කාරණයක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පසුගිය ඔක්තෝබර් 05 වනදා කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව විසින් අවධානයට ලක්කරනු ලබන කරුණු වන 2027 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වීය ආයතන මගින් රටේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට අදාළ අරමුදල් සම්පාදන කටයුතු සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින නිසා 7 වන සමාලෝචනය සඳහා විධායක සභාවේ අනුමැතිය නිසැක වශයෙන්ම ලැබෙනු ඇති බවයි.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,...

ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා...

චීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්

චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි....