Friday, November 13, 2026
HomeWORLDජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

Published on

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.

ඔහු මෙහිදී විශේෂයෙන් නම් කර ඇත්තේ පාකිස්තානය, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය බව විදෙස් මාධ්‍ය පවසයි.

මිචිගන් ප්‍රාන්තයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මයික් රොජර්ස් පරාජයට පත්කරමින්, අමෙරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අබ්දුල් එල්-සයීඩ් සඳහන් කළේ, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වී ඇති රටවල් වෙනුවෙන් අමෙරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීම නොකළ යුතු බවය.

ABC නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමෙරිකාව සිය ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතියට අනුකූල බව තහවුරු කරගත යුතු බවත්, මෙම කරුණ ඊශ්‍රායලයට පමණක් සීමා නොවිය යුතු බවත්ය.

“යම් රටක් අප ලබාදෙන මුදල් යොදාගෙන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන්නේ නම්, එම මුදල් ලබාදීම නැවැත්වීම හෝ සමාලෝචනය කිරීම ඒ සඳහා හොඳම ආරම්භයක්,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

මීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය...

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,...

චීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්

චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි....