Friday, November 13, 2026
HomeWORLDචීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්

චීනයේ දැවැන්ත ආර්ථිකය පිටුපස ඇති ණය ගැන වාර්තාවක්

Published on

චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි. ලොව විශාලතම ආර්ථිකයන් අතුරින් එකක් වන චීනය, ගෝලීය වෙළඳාමේ ප්‍රබල නියමුවෙකි.

කෙසේවෙතත් චීනය තුළ ණය අර්බුදයක් මතුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දැවැන්ත ආර්ථික ශක්තිය හමුවේ, පිටතට නොපෙනෙන බරපතළ ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින බවත් ඒ, චීනයේ සාමාන්‍ය ජනතාව මිලියන ගණනින් ලබාගත් පෞද්ගලික ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටීම බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Bloomberg Businessweek අනාවරණය කරන පරිදි, චීන පාරිභෝගිකයින් මිලියන 100කට ආසන්න පිරිසකට තම පෞද්ගලික ණය වාරික ගෙවා ගැනීම අතිශය අභියෝගයක් වී ඇති බව සඳහන් ය.

චීනයේ මෙම අක්‍රිය ණය වෙළඳපොළ තුළ ප්‍රධාන වශයෙන් හුවමාරු වන්නේ ණය පත් සහ පෞද්ගලික ණය ඇතුළු කිසිදු ඇපයක් නොමැතිව ලබාගත් පාරිභෝගික ණය බවද පැවසෙයි.

කෙසේ වෙතත්, නිවාස සහ වාහන ණය මෙයට ඇතුළත් නොවේ. ඒ සඳහා දේපළ හෝ වාහන ඇප ලෙස පවතින බැවින්, ණය දුන් ආයතනවලට තමන්ගේ මුදල් නැවත අය කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතී.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

මීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය...

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,...

ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා...