Saturday, November 14, 2026
HomeWORLDපාකිස්තානයේ ණය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

පාකිස්තානයේ ණය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

Published on

ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවට අනුව, පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය පසුගිය දශකය තුළ දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.

ඊට අනුව 2015 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 68.7 ක්ව පැවැති පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය 2025 වන විට ඩොලර් බිලියන 135.1 දක්වා අතිවිශාල ලෙස වර්ධනය වී තිබේ.

මෙම සමස්ත ණය මුදලින් ඩොලර් බිලියන 107.08 ක්ම රාජ්‍ය සහ රාජ්‍ය ඇපකර සහිත ණය වන අතර, රාජ්‍ය ඇපකර නොමැති පෞද්ගලික අංශයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.58 ක් බව සඳහන්ය.

මීට අමතරව කෙටිකාලීන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.45 ක් ලෙස සටහන්වී තිබේ.

රාජ්‍ය සහ රාජ්‍ය ඇපකර සහිත ණය අතරින් වැඩිම කොටසක්, එනම් ඩොලර් බිලියන 56.83 ක් ලබාගෙන ඇත්තේ බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලිනි.
ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.43ක් වෙයි.

පාකිස්තානයට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇති තනි රට බවට තවදුරටත් චීනය පත්වී සිටින අතර, පාකිස්තානය විසින් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 22.4 ක් පමණ වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

මීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය...

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,...

ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා...