Friday, November 13, 2026
HomeBUSINESSදින 6ක දැවැන්ත වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

දින 6ක දැවැන්ත වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

Published on

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (11) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,032.93ක් දක්වා ඒකක 90.46ක හෙවත් 0.41%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,349.00ක් දක්වා ඒකක 19.12ක් හෙවත් 0.30%කින් පහළ යන ලදී.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ මෙලෙස පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 6ක වර්ධනාත්මක කාලපරිච්ඡේදයකින් පසුව වීම විශේෂත්වයකි.

පසුගිය දින 6 පුරාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,092.26 සිට ඒකක22,155.34ක් දක්වා ඒකක 2,063.08ක දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය. මෙය දින 6ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ අත්පත් කර ගනු ලැබූ 10.26%ක සුවිශේෂී කාර්යසාධනයකි.

මේ අතර අද දින දෛනික පිරිවැටුම රු. බිලියන 4.81ක් ලෙසින් වාර්තා වී තිබුණි.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

වසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින් ලියාපදිංචි කිරීමේ නියමු ව්‍යපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා...

පෞද්ගලික අංශයේ ණය වර්ධනය, උද්ධමන ඉලක්කය සහ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකු නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කරුණු දක්වති

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය...