Friday, November 13, 2026
HomeBUSINESSවසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින්...

වසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින් ලියාපදිංචි කිරීමේ නියමු ව්‍යපෘතිය ඇරඹේ

Published on

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (Simplified and Unified Business Name Registration – BNR) නියමු ව්‍යාපෘතිය ඊයේ (10) අනුරාධපුරයේදී ආරම්භ කෙරිණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Chrysalis ආයතනය සහ පළාත් සභාවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වාදීමයි.
1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය තුළ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම වැනි සංකීර්ණ අවශ්‍යතා පැවතිණි. නව ප්‍රතිසංස්කරණය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වෙන්කර, මූලික අනන්‍යතා හා පදිංචි තොරතුරු පදනම් කරගනිමින් දින පහක් වැනි කෙටි කාලයකදී ලියාපදිංචිය සිදුකිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මාස තුනක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, ඉදිරියේදී ඩිජිටල් පද්ධතියක් හරහා සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත් සැලසුම් කර තිබේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පවතින පරිපාලනමය බාධා අවම කරමින් විධිමත් ආර්ථිකයට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණයි.

මෙම සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත්,ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා සුසන්ති ජයසිංහ, ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා එවැන්ජලින් සින් ක්ලෙයාර්, Chrysalis ආයතන ප්‍රධානී අශිකා ගුණසේන මහත්මිය, ජ්‍යෙෂ්ඨ උපදේශක පද්මසිරි ගුණවර්ධන ඇතුළු අදාළ පළාත් සහ ප්‍රාදේශීය පරිපාලන ආයතන නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු නිලධාරීන් සහ ව්‍යාපෘතියට සම්බන්ධ විෂයභාර නිලධාරීන් සහභාගී වූහ.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

දින 6ක දැවැන්ත වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (11) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස්...

පෞද්ගලික අංශයේ ණය වර්ධනය, උද්ධමන ඉලක්කය සහ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකු නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කරුණු දක්වති

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය...