Friday, November 13, 2026
HomeSPORTරුමේෂ් තරංග World Athletics Athlete of the Year සටහනේ 8වැනි ස්ථානයට

රුමේෂ් තරංග World Athletics Athlete of the Year සටහනේ 8වැනි ස්ථානයට

Published on

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ‘ලෝක මලල ක්‍රීඩා වසරේ ක්‍රීඩකයා’ (World Athletics Athlete of the Year) සම්මානය සඳහා හිමි වූ නිර්දේශ අතරින් 8 වැනි ස්ථානයට පත්ව ඇත.

මෑතකදී නිමාවට පත් වූ ජාත්‍යන්තර තරගාවලි රැසකදී විශිෂ්ට දස්කම් දැක්වීමට රුමේශ් සමත් විය.

ඒ අනුව, 2026 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර, ඩයමන්ඩ් ලීග් (Diamond League) ශූරතාව ද තමන් සතු කරගත්තේය.

මීට අමතරව, මීටර 92.62 ක දක්ෂතාවක් දක්වමින් ඔහු සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව ජාතික වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ ප්‍රධාන නාම අතරට පිවිසි පළමු ශ්‍රී ලංකිකයා ලෙස ඉතිහාසයට එක්වීමට රුමේශ් තරංගට හැකි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන මෙම දක්ෂ ක්‍රීඩකයාගේ මෙම ජයග්‍රහණය සමස්ත රටටම මෙන්ම ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

ධනංජය 14වැනි ටෙස්ට් ශතකය රැස්කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 14වැනි ටෙස්ට්...

පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි...

බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව...