Friday, November 13, 2026
HomeSPORTශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන්

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන්

Published on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (10) අවසන් විය.

ඒ වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114කි.

ඒ අනුව ඔවුන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 320ක් පිටුපසින් සිටින්නේ, කඩුලු 07ක් අතැතිවය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 22ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 09ක් දැවි ලකුණු 434ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.

එහිදී සෞඩ් ශඛීල් ලකුණු 93ක් ලබාගත් අතර පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත්විය.

තරගය පැවැත්වෙන්නේ, රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

ධනංජය 14වැනි ටෙස්ට් ශතකය රැස්කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 14වැනි ටෙස්ට්...

පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි...

බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව...