Friday, November 13, 2026
HomeLOCALදිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

දිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

Published on

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල සලකා බැලීම අද (11) අභියාචනාධිකරණයේදී ආරම්භ විය.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී වගඋත්තරකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ඉකුත් ජුනි මස 15 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මේ නඩු කටයුතු ආරම්භ වී ඇති බවය.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා ජූනි මස 07 වනදා youtube නාලිකාවකට සිදුකළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා පැමිණිලි කර තිබුණද, සිය සේවාදායකයා ජුනි මස 07 වනදා අදාළ ප්‍රකාශය සිදුකළ බවට එම youtube වීඩියෝව තුළ දිනයක් වේලාවක් සඳහන් නොවන බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුර අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රශ්න කර සිටියේ මෙවැනි පසුබිමක සිය සේවාදායකයා ජුනි මස 07 වනදා අදාළ ප්‍රකාශය සිදුකළ බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කරන්නේ කෙසේද යන්නය.

ඒ අනුව මේ වනවිටත් අභියාචනාධිකරණයේ එම පැමිණිල්ල විභාග වෙමින් පවතී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

කස්සප හිමියන්ට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්...

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති...

2027 අයවැය කථාව හෙට

2027 වසර සඳහා වන අයවැය කථාව හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ...