Friday, November 13, 2026
HomeLOCAL2027 අයවැය කථාව හෙට

2027 අයවැය කථාව හෙට

Published on

2027 වසර සඳහා වන අයවැය කථාව හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය. එම කාලය තුළ සෙනසුරාදා දින හතරක් ද විවාදය සඳහා වෙන් කර තිබේ.

2027 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

අයවැය විවාදය පැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පහක් සඳහාත් කාලය වෙන් කර ඇත.

එමෙන්ම පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

කස්සප හිමියන්ට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්...

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති...

දිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු...