Friday, November 13, 2026
HomeLOCALහිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

Published on

සිරදඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අදාළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමේදී විනිසුරුවරුන් අතර මතභේදයක් ඇතිවීම හේතුවෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව, මෙම අභියාචනය අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අභියාචනය විභාග කිරීම සඳහා සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

ඒ අනුව, අදාළ අභියාචනය ජනවාරි 21 වැනිදා එම විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට ද අධිකරණය තීරණය කර තිබේ.

2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණය විසින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ දඩයක් නියම කරනු ලැබීය.

එම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

කස්සප හිමියන්ට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්...

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති...

දිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු...