Saturday, November 14, 2026
HomeLOCALබිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සභාපති ධුරය සෞඛ්‍ය ඇමති නලින්දට

බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සභාපති ධුරය සෞඛ්‍ය ඇමති නලින්දට

Published on

කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

අද (11) පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ මෙම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ බිම්ස්ටෙක් කලාපයේ සෞඛ්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ නායකත්ව වගකීමක් මෙරටට පැවරී ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හතේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව, බෝවන රෝග පාලනය, සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ සූදානම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික හා දැනුම් හුවමාරුව ඇතුළු වැදගත් ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරේ.

මෙම සමුළුවේ සභාපති ධුරයට පත්වීමත් සමඟ කලාපීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ සංවාද මෙහෙයවීමේ සහ සාමූහික ක්‍රියාමාර්ග සඳහා නායකත්වය ලබාදීමේ වැදගත් වගකීමක් ද ශ්‍රී ලංකාවට පැවරී තිබේ.

එමෙන්ම, 2025 ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 78 වැනි දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය කමිටු සැසිවාරයේදී එම සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සභාපතිවරයා ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්ව තිබේ.

2026 ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති පස්වැනි ආසියානු – පැසිෆික් අමාත්‍ය සමුළුවේ (UNESCAP MC-5) උප සභාපතිවරයා ලෙස ද අමාත්‍යවරයා තේරී පත්ව ඇත.

 

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

කස්සප හිමියන්ට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්...

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති...

දිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු...