Friday, November 13, 2026
HomeLOCALකඩුගන්නාවේ අවදානම තවමත් - NBRO කියයි

කඩුගන්නාවේ අවදානම තවමත් – NBRO කියයි

Published on

කඩුගන්නාව ප්‍රදේශයේ තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ (10) කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් වාර්තා වූ ස්ථානයට ඉහළින් තවත් ගල් රැඳී ඇති බැවින් ඒවා පහළට පෙරළී ඒමේ අවදානමක් පවතින බවය.

එමෙන්ම කඩිගමුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට හසු නොවන ඇතැම් ප්‍රදේශවලට ස්ථානීය වර්ෂාපතනයක් ලැබීම ද නායයෑම් හා ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්ව පුරෝකථනය කිරීම සංකීර්ණ කිරීමට හේතු වී ඇති බව ආචාර්ය වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙයි.

වර්ෂාමාන දෙකක් අතර දුර කිලෝමීටර් 6ත් 10ත් අතර විය හැකි බැවින් ඒ අතරමැදි ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිවැරදි දත්ත නොලැබීමේ ගැටලුවක් පවතින බව ද ඔහු පැවසීය.

කඩුගන්නාවේ ගල් පෙරළීම සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කුරුකුත්තල පාසලේ වර්ෂාමානයේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නොතිබුණ ද, ගල් පෙරළීම සිදුවූ ස්ථානයට ලැබුණු වර්ෂාව හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.

එබැවින් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පවතින තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවට ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

කස්සප හිමියන්ට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්...

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති...

දිලිත්, විමල් සහ උදය ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ලේ විභාගය ඇරඹේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු...