ITN සටන බලවත් වෙයි.. ඉහල නිලධාරීන්ද විරෝධතාකරුවන්ට එක්වේ..

ITN සුරැකීමේ සංවිධානය විසින් අාරම්භ කර ඇති විරෝධතාවන්ට එම ආයතනයේ විධායක නිලධාරීන්ගේ සංගමය හා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයද සහයෝගය පල කර තිබේ.

මේ වන විට වැඩ තහනම් කර ඇති ස්වාධීන රූපවාහිනී සේවකයින් 13 දෙනා යලි සේවයට බදවා ගන්නා ලෙසත් වත්මන් සභාපතිනිය ඉවත් කර ජනාධිපතිවරයා යටතට ආයතනය පවරා ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.

මේ අතර වාර්තා වන්නේ මෙම විරෝධතාවන්ට තවත් අායතන ගණනක වෘත්තිය සමිති හෙට දිනයේ සිට සහයෝගය පල කිරීමට එක්වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *