ITN ආයතනයට දේශපාලන පත්විම් දුන් බව ඇමති මංගල පිළිගනියි..(VIDEO)

ආයතනයකට පුද්ගලයින් පත්කිරීම ඇමතිවරයාට කැමති පරිදි පත්කිරීමට බලයක් තිබිය යුතු බවත් එහි වරදක් තමන් නොදකින බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයකු පත්කිරීමට තමන් මැදිහත් වූ බවත් එහිදී අමාත්‍යවරයා පිළිගත්තේය.

අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ඊයේ (8) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා අයි ටී එන් ආයතනයේ සේවක විරෝධය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *