Menu

විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් නෑ..පෙබරවාරියට කල්යයි..

December 7, 2018

LTTE සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට කළ ප්‍රකාශයක් හරහා ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සාහ දැරූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව 2019 පෙබරවාරි 22 වනදා දක්වා කල් තැබීමට අධිකරණය අද (07) නියම කළේය.

ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී, අදාළ නඩුව සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇතත් මෙතෙක් එම උපදෙස් ලැබී නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමු කිරීමටත් නඩුව පෙබරවාරි 22 වනදා දක්වා කල්තැබීමටත් නියම කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක