Menu

බේරුවලින් සොයා ගත් හෙරොයින් පිටුපස ප්‍රබල ජාවාරම්කරුවෙක්..

December 7, 2018

බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමේ ජාවාරම රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබ ඇතැයි අනාවරණය වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව ය.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කෙරෙන බව ද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මුහුදේදී හෙරොයින් භාර දුන් ට්‍රෝලර් යාත්‍රාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට ගෙන තිබේ.

හොරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක් සමග බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම යාත්‍රාව ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගෙන තිබේ.

එම ට්‍රෝලර් යාත්‍රාව පොලිස් ආරක්ෂාව යටතේ බේරුවල වරායේ නැංගුරම් ලා ඇත.

රුපියල් මිලියන 2700කට අධික වීදියේ වටිනාකමක් ඇති හෙරොයින් තොගය ඊයේ අලුයම ඒකාබද්ධ මෙහෙයුමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයා ගත්තේ ය.

එහි බර කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54කි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක