Menu

රවි නියෝජ්‍ය නායක හා මුදල් ඇමති..රනිල් ලිඛිතවම ‌දෙයි..

December 7, 2018

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත් කර ඉදිරියේදී මුදල් අමාත්‍ය පදවියද ලබා දෙන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතවම දැනුම්දී තිබේ.

පසුගිය රජයේ මුදල් අමාත්‍ය පදවියද, ඉන් පසුව විදේශ අමාත්‍ය පදවියද දැරූ කරුණානායක මහතා, පසුව සිය කැබිනට් ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් මඳක් අෑත්ව සිටි කරුණානායක මහතා පසුව පක්ෂයේ නායකත්වය සමඟ සමීපව කටයුතු කරමින් පක්ෂයේ ප්‍රගමනය වෙනුවෙන් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වී කටයුතු කරමින් සිටියි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක