Menu

එ.ජා.පෙ නැවතත් විදෙස් තානාපතිවරු හමුවෙයි..

December 6, 2018

ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණ, කොළඹ සිටින තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් තමා සමඟ සිටියද ජනාධිපතිවරයා ඒ තත්ත්වයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එක්සත් ජාතික පෙරමුණ ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පෙරමුණ මේ අදහස් පළ කළේ කොළඹ අරලියගහ මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

ව්‍යවස්ථානුකූල අගමැති ඉවත් කර ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් රටේ ඇති වී තිබෙන තත්ත්වය දැනුම්දීම සඳහා මෙම තානාපති හමුව කැඳවා තිබිණි. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට ලොව ප්‍රමුඛතම රටවල මෙරට සිටින සියලුම තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වූහ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රධාන තානාපතිවරුන් කියා ඇත්තේ ජනපති විසින් අවසානයේදී හෝ හරි දේ කරනු ඇතැයි තම රටවල් අපේක්ෂා කරන බවයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක