Menu

මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි…

December 6, 2018

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 266කට අදාළ අස්ථි කොටස් අද(06) වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 258 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි.

පළමු හා දෙවන අදියර යටතේ වළ තුළින් පස් ඉවත් කිරීම සිදුකොට ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීම සිදුකිරීමට අවශ්‍ය වනු ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වළ තුළින් ගොඩගත් සිරුරු 258 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවයි.

සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පසුගිය නොවැම්බර් 14 වනදා තාවකාලිකව නවතා දැමුනු අතර පසුව නොවැම්බර් 27 වනදා නැවත කැනීම් කටයුතු ආරම්භ කරන විට මිනිස් සිරුරු 235 ක් හමු වී තිබිණු අතර එදින සිට මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී තවත් සිසරු 17 ක් අද වන විට හමු වී ඇත.

මේ අතර පසුගිය 27 වනදා මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කරන අවස්ථාවේදී ජර්මන් තානාපති වරයා ඇතුලු විදෙස් මාධ්‍ය වේදීන් පිරිසක්ද මන්නාරම් අධිකරණයේ අවසරය මත සංචාරයක නිර වුණි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පැවත්වුණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක