Menu

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්..

December 6, 2018

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට අදත් (06) විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටින්‌නේ  නිලධාරීන් 100 දෙනෙකුගේ පමණ බල ඇණියක් එහි විශේෂ ආරක්ෂාවට යොදා සිටින බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අදත් යලි විභාගයට ගැනෙන අතර ඒ බව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට මෙලෙස විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව වැඩිදුරටත් සදහන් ‌වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක