Menu

එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්..

November 26, 2018

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක සුරංග ලක්මාල් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 58ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන එමට කටයුතු කළත් එම උත්සාහය ව්‍යවවර්ත විය.

මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදීපූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.

එංගලන්තය පළමු ඉනිම 336/10

ශ්‍රි ලංකාව පළමු ඉනිම 240/10

එංගලන්තය දෙවැනි ඉනිම 230/10

ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 284/10

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක