Menu

වැඩ පෙන්නන්න තව කල් ඔ්නෑ..කුසල් ලකුණු අතර ඉන්නවා..අකිලට තෙවැනි තරගය අහිමි වෙද්දී හතුරුසිංහ කියපු කතාව මෙන්න..

November 19, 2018

එංගලන්ත කණ්ඩායම සමඟින් ඊයේ (18දා) මහනුවර පල්ලෙකැලේදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගෙන තවමත් මාස 10ක් පමණක් බවත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී පැහැදිලි යමක් කිරීමට සූදානම්ව ඇති බවත්ය.

“එංගලන්තය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකම අපිට ජයගැනීමට අවස්ථාව තිබුණා. ඒ දෙකේදීම කාසියේ වාසිය පරාජය වීමත් අපට අවාසියක් වුණා. ඉදිරියේදී අපට නවසීලන්ත, ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු තරගාවලි තුනක් තියෙන නිසා ක්‍රීඩකයන් තේරීමේදී යම් වෙනසක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ පන්දු රැකීම එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. අපි හැම විටම උත්සාහ ගන්නේ පන්දු රැකීම ඉහළම මට්ටමේ තබාගැනීමටයි” යනුවෙන් පැවැසූ හතුරුසිංහ මහතා මේ වනවිට පන්දු යැවීම පිළිබඳව යම් සැකයකට භාජනය වී සිටින අකිල ධනංජය හා ආබාධයක් හේතුවෙන් ඉවත්ව සිටින චන්දිමාල් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

“අයි.සී.සී. පරීක්‍ෂණයක් සඳහා අකිල ධනංජය 23 වැනිදා බි්‍රස්බේන් යන නිසා ඔහු තෙවැනි තරගයට නැහැ. චන්දිමාල් හෙට (අද) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දෙනවා. ඒකෙන් ඔහු සමත් වුණොත් 23 වැනිදා ආරම්භ වන තෙවැනි තරගයට සෙල්ලම් කරාවි”

කෙසේ වෙතත් නිමා වූ දෙවැනි තරගයේදීත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ පැවැසුවේ මෙවැන්නකි. “ඕනෑම ක්‍රීඩකයකුට මේ වගේ තණතීරුවල සෙල්ලම් කරන එක ලෙහෙසි නැහැ. මේ වසරේ ලකුණු 600කට ආසන්නව රැස්කරපු ක්‍රීඩකයන් තිදෙනා අතර කුසල් ඉන්නවා. ඒ වගේම එයා පසුගිය ගාල්ලේ තරගයේදීත් ලකුණු 45ක් ගැහුවා.

නිරෝෂන් දික්වැල්ල කියන්නේ අපිට ඉන්න හොඳම කඩුලු රකින්නෙක්. එයා පිතිකරණය පැත්තෙන් තව ඉස්සරහට ඒවි. කොහොම වුණත් අපිට හැකියාව තියෙනවා. ඒවා එළියට ඒම ප්‍රමාද වීමයි මෙතන වෙලා තියෙන්නේ” යනුවෙන්ද හතුරුසිංහ පැවැසීය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක