Menu

වසර 11කට පසු වාර්තාවක්..බෝල්ට් ගෙන් කඩුලු ත‍්‍රිත්වයක්..

November 7, 2018

නවසිලන්ත වේග පන්දු යවන ට්රෙන්ට් බොල්ට් කඩුලු ත‍්‍රිත්වයක් වාර්තා කිරීමට මීට සුලු මොහොතක පෙර සමත්වී තිබේ.

පාකිස්තානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බෝල්ට් මෙම දස්කම් දැක්වීම සමත්වූ අතර ඔහුගේ පන්දු හමුවේ ෆකාර් සමාන්,බාබාර් අසාම් හා මොහොමඩ් හෆීස් දැවී ගියහ.

එවැනි දස්කමක් දැක්වූ තෙවැනි එක්දින නවසිලන්ත එක්දින පන්දු යවන්නා ලෙස බොල්ට් වාර්තා අතරට එක්වූ අතර මීට පෙර ඩැනී මොරිසන්(1994 වසරේදී ඉන්දියාවට එරෙහිව) හා ශෙන්ඩ් බොන්ඩ් (2007 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව) කඩුලු ත‍්‍රිත්ව ලබාගෙන ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක