Menu

යුග දිවිය සරු කරගන්න මේ උපදෙස්‌ පිළිපදින්න

November 7, 2018

1. යුග දිවිය සරු කරගන්න අධිෂ්ඨාන කරගන්න.
ඔබ දැනටමත් විවාහ වෙලා හිටියත් ළගදී විවාහ වෙන්න හිතාගෙන හිටියත් මගේ යුග දිවිය සාර්ථක දිවියක්‌ බවට පත්කර ගන්නවා කියලා අධිෂ්ඨාන කරගන්න. විසඳගන්න බැරි ප්‍රශ්න නෑ. අධිෂ්ඨාන කර ගැනීම හරිම වැදගත්.

2. සීයට සීයක්‌ ගැලපෙන යුවළක්‌ ලෝකේ කොහේවත් නෑ.
සමහර විට ඔබත් ඔබේ සහකරුවාත් අතර නොගැලපීම් ඇති. ඒක පුදුමයක්‌ නොවෙයි. ස්‌වභාවිකයි. පොරොන්දම් පරීක්‍ෂාවකදී සීයයට සීයක්‌ ගැලපෙන යුවළක්‌ අපට තවම හම්බවෙලා නෑ. සියයට අනූවක්‌ ගැලපෙන අයත් ඉන්නේ බොහොම කළාතුරකින්. ඔබේ නෑදෑයින්, අසල්වාසීන්, දන්න කියන අය අතරෙත් නොගැලපීම් තියෙනවා කියලා ඔබට පෙනෙනවා ඇති.

3. මංගල උත්සවයට මුදල් නාස්‌තිකරන්න එපා.
මංගල උත්සවය කියන්නේ ඔබේ දශක කිහිපයක යුග දිවියේ දවස්‌ දෙක තුනක්‌ විතරයි. තවත් අවුරුදු තිහ හතළිහක්‌ ගත කරන්න තියෙනවා. ඒ අතරේ ඉඩමක්‌ ගන්න, ගේ දොර හදාගන්න, වාහනයක්‌ ගන්න, මතුවට උපදින දරුවන්ට වියදම් කරන්න සල්ලි ගොඩාක්‌ ඕනෑ. මේ නිසා මංගල උත්සවයකට ණය වෙන්න නම් එපා. අමුත්තෝ සීමා කරලා, චාරිත්‍රවලට මුල් තැන දීලා චාම්ව කිරීම තමයි යහපත් වෙන්නේ.

4. නොගැලපීම් කල් ඇතිව දැනගන්න – ගලපාගන්නා හැටි ඉගෙනගන්න.
යෝජනාවක්‌ නැතිනම් පෙම් සබඳතාවක්‌ ඇතිවුණ ගමන්ම හදිසියේ විවාහ වෙන්න එපා. වසරක්‌ දෙකක්‌වත් ඇසුරු කිරීම වැදගත්. හැබැයි අතේ දුරින් ඇසුරු කරන්න මතක තියාගන්න. එතකොට ඔබේ අනාගත සහකරුවාගේ නොගැලපෙන අංශ දැනගන්න පුළුවනි.

5. වෙනම පදිංචිවීම වඩා හොඳයි.
විවාහයක්‌ උනාට පස්‌සේ අම්මා තාත්තාගෙන් වෙන්වෙලා වෙනම අවුරුදු දෙක තුනක්‌ පදිංචිවීම හොඳ බවයි ප්‍රවීණයන්ගේ අදහස. එතකොට සැබෑ සැමියෙක්‌, බිරිඳක්‌ විදිහට ස්‌වාධීනව කටයුතු කරන්න පුරුදු වෙනවා. විවාහයේ සුන්දරම කාලය අත්විඳින්නට ලැබෙනවා. වෙනම සමාජ ඇසුරකට හිමිකම් කියනවා. ගෘහ පාලනය, ගෙදර අය-වැය ගැන හැගීමක්‌ ඇතිවෙනවා.

6. ඔබේ නිදන කාමරය සහ දරුවෝ
නිදන කාමරය, යහපත් යුග දිවියකට ඉතා වැදගත් ලෙස බලපානවා. ඔබ නිවසේ ප්‍රධානියා නම් නිවසේ නිරිතදිග දිශාවේ ප්‍රධාන නිදන කාමරයට ඉතා සුදුසුයි. ඒ වගේම ඔබේ හිස උතුරට හෝ බටහිරට දාලා නිදාගන්න එක හොඳ නෑ. හිස නැගෙනහිරට නැත්නම් දකුණට දාලා නිදාගැනීම සුභයි. යුවලකගේ නිදන කාමරයේ කණ්‌නාඩි තැබීම අසුබ බව ෙµන්ෂුයි ශාස්‌ත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම නිදන ඇඳ මෙට්‌ට දෙකක්‌, ඇඳන් දෙකක්‌ එකතු කිරීම සුදුසු නෑ. තනි ඇඳක්‌ හා මෙට්‌ටයක්‌ භාවිතා කරන්න. සැමියාගේ වම්පසින් බිරිඳ නිදාගැනීම තමයි ඉතාම සුදුසු වන්නේ ඇඳ යට පිරිසිදුව තබා ගන්න.

7. ආදරයට ආදරය කරන්න.
ඔබ ඔබේ සැමියාට නැත්නම් බිරිඳට ආදරේ කරන්නට වගේම, එයා ආදරය කරන වෙනත් දේවල්වලටත් ආදරේ කරන්න පුරුදු වෙන්න. එයාගේ අම්මා තාත්තා, එයාගේ ගම, එයාගේ යාළුවෝ, එයාගේ අහිංසක විනෝදාංශ ගැනත් සතුටින් හිතන්න. ඒවාට අපහාස කරල කතා කරන්න එපා.විවාහවෙන වයස වෙනකල් ඇසුරු කරපු අය, නෑදෑයෝ, යාළුවෝ, ගම, අමතක කරන්න කියලා බලකරන්න එපා. විවාහයට ඒක හොඳ වෙන්නේ නෑ.

8. යුග දිවියට තුන්වැන්නෙක්‌ එපා.
අනියම් සබඳතාව කිසිම සමාජයක්‌ තුළ පිළිගන්නේ නෑ. නීතියට එක`ගත් නෑ. සාදාචාරයටත් නෑ. ආගමටත් විරුද්ධයි. ඒකට හේතුව යුග දිවියට බරපතල විදිහට මේක බලපාන නිසායි. ඔබ ඔබේ බිරිඳගෙන් නැත්නම් සැමියාගෙන්ම සතුටු වෙන්න. සතුටක්‌ නැත්නම් ඒකට විසඳුම සොයාගන්න. ඔබේ යුග දිවියට තුන්වැන්නෙක්‌ වද්දගන්න එපා.

9. හොඳ බිරිඳක්‌ වන්න.
හොඳ බිරිඳක්‌ වෙන එක මෙලොව පරලොව දෙකටම හොඳයි. කවුද හොඳ බිරිඳක්‌ කියන්නේ. මාතු භාර්යා, භගිණි භාර්යා, ස‚ භාර්යා, දාසි භාර්යා කියලා යහපත් සහකාරියෝ හතරදෙනෙක්‌ ගැන බුදුහාමුදුරුවෝ වදාළහ. ඔබේ අම්මා වගේ කාරුණික බිරිඳ තමයි මාතු භාර්යා කියන්නේ. නංගි කෙනක්‌ වගේ බිරිඳ තමා භගිණි භාර්යාව. යෙහෙළියක්‌ වගේ බිරිඳ තමා ස‚ භාර්යාව. සේවිකාවක්‌ වගේ බිරිඳ තමා දාසි භාර්යාව.

10. විවාහය සිදුවන්නේ පෙර කර්ම අනුවයි.
කේන්දරේක හත්වැන්න, හත අධිපතිවගේ දේවල් අනුව විවාහයේ හොඳ නරක කියෑවෙනවා. හත සුභ ග්‍රහ බලපෑම්වලින් යුක්‌තවීම හොඳ යහපත් බිරිඳක්‌ නැත්නම් සැමියෙක්‌ ලැබීමේ ලකුණක්‌. හතේ කුජ, ශනි, රාහු, කේතු වගේ පාප ග්‍රහයෝ ඉන්නවනම් විවාහ ගැටළු පෙන්වනවා. හතේ කුජ නම් ඒකට කියන්නේ කුජ දෝෂය. විවාහ සහකරුට මාරක අපලයක්‌.

11. වසරකට වරක්‌වත් කේන්ද්‍ර පරීක්‍ෂා කරගන්න.
විවාහ උනාට පස්‌සේ තනි තනිවම කේන්ද්‍ර බලන්න එපා. බිරිඳ හා සැමියාගේ කේන්ද්‍ර දෙකම බලන්න. අපල සපල වන්නේ දෙදෙනාටමයි. අපල කාලයක අඹු-සැමි භේද ඇතිවෙන්න පුළුවනි. ඒ වගේම අපල නිමවෙනකොට ඉබේම ප්‍රශ්න විසඳෙනවා.

12. වාස්‌තු දෝෂ දුරුකර ගන්න.
ඔබේ නිවසේ වාස්‌තු දෝෂයන් අඹු-සැමි සමගියට වගේම දියුණුවට බලපානවා. මේ ගැනත් සැළකිලිමත් වෙන්න. ඔබේ නිවසේ වාස්‌තුදෝෂ තියෙනවා නම් ඒවා කඩලා බිඳලා දාන්නේ නැතිව නිවැරදි කරගන්න නවීන විද්‍යාත්මක ක්‍රම තියෙනවා. වාස්‌තු දෝෂ නොසලකා හරින්න එපා.

13. මත්ද්‍රව්‍ය භාවිතය අත්හරින්න.
අද ගොඩාක්‌ යුග ජීවිතවලට අහිතකර බලපෑමක්‌ ඇති කරන්නේ සැමියන්ගේ බේබදුකමයි. එහෙම කීවාට අමනාප වෙන්න එපා. පවුලේ ආරක්‌ෂාව නැතිවීම, ලිංගික දුර්වලතා, ආර්ථික ප්‍රශ්න, එන්නත් මේක හේතු වෙනවා.

14. කුණාටුවකදී නැව නතර කරන්න.
යුග දිවියත් මහා සාගරේ ගමන් කරන නැවක්‌ වගෙයි. නැව කුණාටුවලට අහුඋනාම ජීවිතේ බාධක කරදරවලට පත්වෙනවා. සමහරවිට යුග දිවිය එපා වෙනවා. එහෙම වෙලාවට දියුණුවට කටයුතු කරන්න ඕන නෑ. ටිකක්‌ නවතින්න. කුණාටුව මගහැරුනාට පස්‌සේ ආයෙමත් ඉදිරියට යන්න පුළුවනි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක