Menu

ලංකාව අසීරු අඩියක..

November 7, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්  තරගයේ දෙවැනි දිනයේ සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය.ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 300ක් පිටුපසින් සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 03ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 1ක් ලබා නොදැවී පන්දුවට පහරදෙයි.

ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කල එංගලන්ත පන්දු යවන්නෝ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු පුවරුවට 10ක් එක්වෙද්දී ක‍්‍රීඩාගාරයට යැවීමට සමත්විය.

අනතුරුව කුසල් මෙන්ඩිස්(19) හා ධනංජයද සිල්වා(14) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 24ක් එක් කළ අතර ඔවුන් දෙදෙනාටද සාර්ථක වීමට පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණි.

පළමු දිනයට තරගය නතර කරන විට ලකුණු 321ක් ලබා සිටි එංගලන්ත කණ්ඩාමේ අවසන් කඩුලු 02ක ලකුණු 21ක් තුල දවාගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කල කෝඩුකාර බෙන් ෆෝකස් ලකුණු 107ක් ලබාගත් අතර දිල්රුවන් පෙරේරා කඩුලු 05ක් බිද දැමීය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක