Menu

අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්..එංගලන්තය අසීරු අඩියක..

November 6, 2018

එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවි ලකුණු 113ක් ලබා අසීරු තත්වයක පසුවෙයි.

ජොස් බට්ලර් ලකුණු 10ක් හා බෙන් ෆොකස් ලකුණු 5ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි.

තරගයේ තුන්වැනි ඕවරයේ පිට පිටම පන්දු දෙකකදී ජෝ බර්න්ස් සහ මොයින් අලී පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමගම මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් ව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිය අල්ලා දුන්නේය.

ලබාදුන් පහසු උඩපන්දු කිහිපයක් ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහි ගිය නමුත් රංගන හා දිල්රුවන් එක්ව තවත් කඩුලු 03ක් දිවා ආහාරයට පෙර බිද දැමීමට සමත්විය.

එහිදී ලකුනු 35ක් ලබා දිගු ඉනිමකට සැරසුණු නායක ජෝයි රූට් දවාගැනිමට රංගන සමත්වු අතර ජෙනින්ස්(46) හා බෙන් ස්ටොක් පිටියෙන් ඉවත්කිරීමට දිල්රුවන් සමත්විය.

රංගන හේරත් දවාගත් එම කඩුල්ලත් සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිඩාංගණයේ ටෙස්ට් කඩුලු 100ක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ අකිල ධනංජය

එංගලන්ත කණ්ඩායම
ජෝ රූට් (නායක), මුයීන් අලි, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජේම්ස් ඇන්ඩසන්, කීටන් ජෙනින්ංග්ස්, ජැක් ලීච්, අදිල් රෂීඞ්, බෙන් ස්ටෝක්ස් සහ බෙන් ෆෝක්ස්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක