Menu

අසේල යලි විස්සයි 20 ක‍්‍රිකට් පිටියට..

October 31, 2018

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනකු සහභාගි වීමට නියමිත බව වාර්තා වන අතර පසුගියදා පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා රටවල් 17ක් නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයන් 365 දෙනෙකු සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ‘කුල්නා ටයිටන්ස්’ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග තෝරාගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි-20 නායක තිසර පෙරේරා සහ අසේල ගුණරත්න ‘කොමිලා වික්ටෝරියන්ස්’ කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.

තවද වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සික්කුගේ ප්‍රසන්න ‘රාජස්ථානි කිංස්’ කණ්ඩායම සමඟින් එක් වීමට නියමිතය. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව මිලදීගෙන ඇත්තේ ‘චිතගොන් වයිකිංස්’ කණ්ඩායමයි.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් 34 හැවිරිදි සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස් බංග්ලදේශ ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේදී ‘රාන්ග්පූර් රයිඩර්ස්’ කණ්ඩායම සමඟින් එක් වීමට නියමිත බවද වාර්තා වේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක