Menu

තරගයට වැස්සෙන් බාධා..යළි අරඹන වේලාව මෙන්න..

October 27, 2018

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඕවර 11.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

මේ වන විට පිටියේ ආවරණ ඉවත් කරමින් සිටින අතර තරගය යලි රාත‍්‍රී 09ට ඇරඹීමට තීරණය කර ඇත.

තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි බෙන් ස්ටෝක්ස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 13 ක් ලබා සිටි අතර මුයින් අලී ලකුණු ලබාගැනීම ආරම්භ කර නොතිබිණ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. තවමත් 20 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේය.

ශ්‍රී ලංකාව – ඕවර 11.2 කදී කඩුලු 4 කට 113
(ජේසන් රෝයි 69, ජොස් බට්ලර් 13, බෙන් ස්ටෝක්ස් නොදැවී 13, අමිල අපොන්සු 29/2)

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක