Menu

ඊයේ තැබූ වාර්තාව අද බිද දමමින් ඩොලරය ඉදිරියේ රුපියල මස්ත බාල්දු වෙයි..

April 25, 2018

ඉතිහාසයේ වැඩිම බාල්දු වීම පෙන්වමින් ශ‍්‍රී ලංකා රුපියල ඊයේ තබන ලද වාර්තාව අද දිනයේ බිද දමා තිබේ.

මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල වූ 154.39  ලෙස වාර්තා වූ අතර විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 158.17 ක් ලෙසයි.

හෙට දිනයේ බොහෝ දුරට ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 ඉක්මවනු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයෝ කියති.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක