Menu

හිටපු ජනපති මහින්ද ‘ජනතාවට’ ජීවිත කාලයටම වට්ටම් දෙයි..(PHOTO)

March 3, 2018

ටෙ‍්‍රන්ඩි ද බජට් මාට් ‘TRENDY THE BUDGET MART’ ආයතනයේ පළමු ප‍්‍රදර්ශනාගාරය තලවතුගොඩ ප‍්‍රදේශයෙදී ඊයේ(02) විවෘත විය.

ඊයේ දින උදෑසන යෙදුනු සුභ මොහොතින් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකෙරුණු ලැබු සෙත්පිරිත් සජ්ජායන අතරතුර එම සුපිරි වෙළදසැල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය.

පාරිභෝගියන්ට වැඩි පහසුවක් සලසා දීමේ අරමුණින් ආරම්භ වු මෙම සුපිරි වෙළදසැලින් නිවසට අවශ්‍ය සියලුම දේ මිලදී ගැනීමෙට පාරිභෝගිකයින්ට ඉඩ සලසා ඇත.

වාහන ගාල් කිරීමේ පහසුකම්,සුවිශේෂි විලාසිතා,උසස් ප‍්‍රමිතිය හා සහනදායී මිල ගණන් හේතුවෙන් පළමු දිනයේදීම පාරිභෝගිකයින් විශාල පිරිසකගෙන් එම වෙළදසැල පීරි ගිය අතර මාර්තු 2,3,4 යන තෙදින තුළ එම සුපිරි වෙළදසැලින් මිලදී ගන්නා භාණ්ඩ සදහා ජීවිත කාලයටම 10% වට්ටමක් ලබාදීමද සුවිශේෂි විය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට විමල් වීරවංශ,උදය ගම්මන්පිළ, වීරකුමාර දිසානායක,සිසිර ජයකොඩි,කංචන විජේසේකර යන මැති ඇමතිවරුන් , නුවන් කුලසේකර සචිත සේනානායක , නලු නිළියන්, එම ආයතනයේ කාර්්‍ය මණඩලය හා පාරිභෝගියකින් විශාල ප‍්‍රමාණයක් සහභාගී විය.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක