Menu

Breaking News » විදෙස්

ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.. ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් මන්ත්‍රණ සභාව (Assembly) විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා විසින් ඉකුත් නොවැම්බර් මස මැදදී ගන්නා ලද තීන්දුවට හෝ එය ක්‍රියාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමක් සිදුකිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බැව් පවසමින් ඒ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂ නායක ගංගන් සාගට් විසින් ගොනුකොට තිබූ පෙත්සමක් ඊයේ (10දා) ඉන්දියානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය. … "ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.."

විදෙස් මාධ්‍ය කැළඹෙයි..ඉම්රාන් ඛාන්ගෙන් විවාදාත්මක පත්කිරීමක්..

විදෙස් මාධ්‍ය කැළඹෙයි..ඉම්රාන් ඛාන්ගෙන් විවාදාත්මක පත්කිරීමක්.. පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ඒෂාන් මානි මහතා පත්කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ භාණ්ඩගාරික ලෙසත් එහි ප්‍රධානියා ලෙසත් ඔහු වසර තුන බැගින් සේවය කර තිබේ. කෙසේ වෙතත් මීට වසර දෙකකට පෙර ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් කඩා වැටීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ … "විදෙස් මාධ්‍ය කැළඹෙයි..ඉම්රාන් ඛාන්ගෙන් විවාදාත්මක පත්කිරීමක්.."

කොෆී අනන් සමුගනියි

කොෆී අනන් සමුගනියි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (18දා) ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය. ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් … "කොෆී අනන් සමුගනියි"

ATM යන්ත්‍රවලට හැකර් ප්‍රහාරයක්

ATM යන්ත්‍රවලට හැකර් ප්‍රහාරයක් ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ. එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය … "ATM යන්ත්‍රවලට හැකර් ප්‍රහාරයක්"

බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 200ක් මිය යයි..

බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 200ක් මිය යයි.. සිරියාවේ නිරත දිග ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 200 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. තවත් 180 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, එරට ශාම් ගුවන් විදුලිය පවසන්නේ. සිරියාවේ ස්වෙයිඩා ප්‍රදේශයේ දී මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා. අයි.එස්.ත්‍රස්තවාදී සංවිධානය කියා සිටින්නේ ඔවුන් එම ප්‍රහාරය සිදුකළ බවයි. රජයේ හමුදා සහ අයිඑස් ත්‍රස්තවාදීන් … "බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 200ක් මිය යයි.."

“එය අලංකාර නිමාවක්‌’..ට්‍රම්ප් – පුටින් හමුවෙති

“එය අලංකාර නිමාවක්‌’..ට්‍රම්ප් – පුටින් හමුවෙති ගෝලීය දේශපාලනයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර මුහුණට මුහුණ හමුව ඊයේ (16 දා) සවස ෆින්ලන්තයේ හෙල්සින් අගනුවර ජනාධිපති මන්දිරයේදී සිදුවිය. ඓතිහාසික හමුව ආරම්භ කරමින් අදහස්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතා හොඳින් අවසන් කිරීම පිළිබඳව පුටින් ජනාධිපතිවරයාට සුබ පැතීය. “එය අලංකාර නිමාවක්‌. … "“එය අලංකාර නිමාවක්‌’..ට්‍රම්ප් – පුටින් හමුවෙති"

ඇමරිකාවෙන් උතුරු කොරියාවට සහතිකයක්..

ඇමරිකාවෙන් උතුරු කොරියාවට සහතිකයක්.. “ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ. කලක් සතුරන් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම ඓතිහාසික හමුවේදී නැවත එකිනෙකා හමුවන බව ද ප්‍රකාශ කළහ. කොරියානු අර්ධද්වීපය … "ඇමරිකාවෙන් උතුරු කොරියාවට සහතිකයක්.."

අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා..ට්‍රම්ප් – කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි

අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා..ට්‍රම්ප් – කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි මෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. සිංගප්පූරු වේලාවෙන් පෙ.ව. 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.7.00ට) මූලික සාකච්ඡා වටය ආරම්භ වූයේ නායක දෙපළ අතර ඓතිහාසික අතට අත දීමකින් එකිනෙකාට සුබපතා ගැනීමෙන් අනතුරුවය. මෙම මූලික සාකච්ඡා වටය ඇමෙරිකානු ජනපතිවරයා සහ … "අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා..ට්‍රම්ප් – කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි"

මහ අනතුරක්.. ගුවන් යානාවක් කඩා වැඞී සියයකට වැඩි පිරිසක් මරුට..

මහ අනතුරක්.. ගුවන් යානාවක් කඩා වැඞී සියයකට වැඩි පිරිසක් මරුට.. කියුබාවේ හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. වසර 30කට කියුබාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය යැයි ද වාර්තා වේ. අනතුරට පත්ව ඇත්තේ ගෘහස්ත ගුවන් ගමන්වලට යොදාගන්නා යානයකි. හවානා සිට නැගෙනහිර කියුබාවේ හොල්ගුවින් වෙත ගමන් කරමින් තිබියදී … "මහ අනතුරක්.. ගුවන් යානාවක් කඩා වැඞී සියයකට වැඩි පිරිසක් මරුට.."

ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්..

ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්.. ඊශ්‍රායලය සිරියාවේ ඉරාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ඊශ්‍රායලය මෙලෙස සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වූ අතර මැදපෙරදිග කලාපයේ උග්‍ර සතුරන් ලෙසින් හැඳින්වෙන … "ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්.."

පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට.

පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට. බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර ඇත. 2009 වර්ෂයේ සිට අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා පවසයි. … "පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට."

රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්‍රහාරයක සුදානමක්..

රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්‍රහාරයක සුදානමක්.. සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිරියානු රජයේ හමුදා රුසියාවේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඩැමැස්කස් නුවරට දැවැන්ත … "රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්‍රහාරයක සුදානමක්.."

‘යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟයි’ – පුටින් අනතුරු අඟවයි

‘යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟයි’ – පුටින් අනතුරු අඟවයි බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා තිබේ. රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමඟ දුරකතන සංවාදය යෙදීමෙන් අනතුරුව ක්‍රෙම්ලීනය පුටින් ජනාධිපතිවරයා … "‘යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟයි’ – පුටින් අනතුරු අඟවයි"

අවුරුදු 5කට හිරේට ගිය සුපිරි නළු සල්මන් ඛාන්ට අද ලැබුණු තීන්දුව..

අවුරුදු 5කට හිරේට ගිය සුපිරි නළු සල්මන් ඛාන්ට අද ලැබුණු තීන්දුව.. දුර්ලබ කලු මුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වසර 5 ක සිර දඩුවම් නියමවු බොලිවුඩ් සුපිරි නලු සල්මන් ඛාන්ට ඇප හිමිවී තිබෙනවා. ඒ අනුව ඉන්දීය රුපියල් 250000 ක ඇපයක් මත ඔහු නිදහස් කිරීමට ජෝද්පූර් දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබෙනවා.ඊට අමතරව අධිකරණයේ අවසරයකින් තොරව සල්මන් ඛාන්ට විදේශගත වීම ද තහනම් කර ඇතැයි සඳහන්. සිර දඩුවම් නියමවීමෙන් පසු ඔහු … "අවුරුදු 5කට හිරේට ගිය සුපිරි නළු සල්මන් ඛාන්ට අද ලැබුණු තීන්දුව.."

සල්මන් ඛාන් වසර 05ක් හිරේට..

සල්මන් ඛාන් වසර 05ක් හිරේට.. 1998 වසරේදී චිත්‍රපටයක් තිර ගත කර අතරතුළදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වසර 5කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කළේය. ඒ එම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. සුපිර නළුවා ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී … "සල්මන් ඛාන් වසර 05ක් හිරේට.."

21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ‘ස්ටීවන් හෝකින්’ සමුගනී..

21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ‘ස්ටීවන් හෝකින්’ සමුගනී.. බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය. කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව … "21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ‘ස්ටීවන් හෝකින්’ සමුගනී.."

MR.Bean පළමු විවාහයට සමුදෙයි..අලුත් කසාදයෙන් යළිත් පියෙක් වෙයි

MR.Bean පළමු විවාහයට සමුදෙයි..අලුත් කසාදයෙන් යළිත් පියෙක් වෙයි මිස්ටර් බීන් චරිතය නිසා ලෝකයේම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික නළු ඇට්කින්ස්ටන් සිය පළමු විවාහ දිවියට සමුදී තිබෙනවා. ඒ දික්කසාදය පිළිබද වසර කිහිපයක් තිස්සේ පැවති ගැටලුකාරී තත්වයන් පසුගිය සතියේ අවසන් වීමත් සමගයි. පවුම් මිලියන 10 ක මහා මන්දිරයක් ඇතුළු වන්දියක් ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දීමෙන් අනතුරුව ඔහුට සිය දික්කසාදය ලැබී තිබෙනවා. අනතුරුව ඔහු වසර 24 … "MR.Bean පළමු විවාහයට සමුදෙයි..අලුත් කසාදයෙන් යළිත් පියෙක් වෙයි"

ලංකාවේ හදිසි තත්වය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙහෙමයි(PHOTO)

ලංකාවේ හදිසි තත්වය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙහෙමයි(PHOTO) ශ්‍රී ලංකාව හදිසි නීතිය ක්‍රියාත්මක කිරිම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුළ මේ වන දැඩි අවධානයක් යොමුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ පුවත ඉන්දීය මාධ්‍ය ප්‍රමුඛව වාර්තා කරමින් තිබේ.  

‘බොලිවුඩයේ නිළි රැජින ශ‍්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නොවෙයි’..මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න

‘බොලිවුඩයේ නිළි රැජින ශ‍්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නොවෙයි’..මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හඳුන්වන ‘ශ්‍රී දේවි’ මියගියේ අහම්බයෙන් ගිලීයෑමෙන් යැයි ඩුබායි පුවත්පත් ඊයේ (25) වාර්තා කළේය. ශ්‍රී දේවි හදිසියේ හදිසියේ අභාවප්‍රාප්ත වූයේ සෙනසුරාදා (24) රාත්‍රියේදීය. ඇය අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් යැයි මුලින් වාර්තා වූවත් ඇය මියගොස් ඇත්තේ අහම්බයකින් දිය ගිලීයෑමෙන් යැයි මරණ පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමින් එම පුවත් සේවා වාර්තා කර තිබිණි. ශ්‍රී දේවි සිහිසුන්ව … "‘බොලිවුඩයේ නිළි රැජින ශ‍්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නොවෙයි’..මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න"

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති. වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත … "ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි"

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා දිවි නසාගනී..හේතුව මෙන්න

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා දිවි නසාගනී..හේතුව මෙන්න කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත. මියයන … "ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා දිවි නසාගනී..හේතුව මෙන්න"

ඇලස්කා මුහුදේ 08.02 ක භූකම්පනයක් – සුනාමී අනතුරු ඇගවිම් නිකුත් කෙරේ..

ඇලස්කා මුහුදේ 08.02 ක භූකම්පනයක් – සුනාමී අනතුරු ඇගවිම් නිකුත් කෙරේ.. අමෙරිකානු වේලාවෙන් පෙරවරු 09.31 ට (ශ්‍රී ලංකා -03.01) පමණ දකුණු ඇල්ස්කාවේ කොඩ්ක් දිවයිනට ආසන්න මුහුදේ කිලෝ මීටර් 300 ක් ගිණිකොණට වන්නට කිලෝ මීටර් 10 ක් ගැඹුරු මුහුදේ මැග්නිටියුට් 08.02 ක ප්‍රභලත්වයෙන් යුත් ප්‍රභල භූකම්පනයක් ඇතිව තිබේ. මෙ හෙයින් සුනාමී පුර්ව අනතුරු ඇගවිම් එ ආශ්‍රීත කලාපයට නිකුත් කර ඇති බව බී.බී.සී පුවත් වාර්තා පවසයි.

ෆේස් බුක් වෙනස් වෙයි?..සකර්බර්ග් ගෙන් නිවේදනයක්

ෆේස් බුක් වෙනස් වෙයි?..සකර්බර්ග් ගෙන් නිවේදනයක් මෙම වසරේදී ෆේස් බුක්හි තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. ලෝකයේම ජනතාව වඩාත් සමීප කරවීමේ අරමුණ සහිතව නිර්මාණය කළ ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය මේ වන විට විවිධ කරුණු වෙනුවෙන් යොදා ගනිමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ … "ෆේස් බුක් වෙනස් වෙයි?..සකර්බර්ග් ගෙන් නිවේදනයක්"

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ “අත්අඩංගුවේ”

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ “අත්අඩංගුවේ” සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි. එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පවසන්නේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය කරන පාලක සානු-පීඑෆ් පක්ෂය ද … "සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ “අත්අඩංගුවේ”"

සිම්බාබ්වේ අගනුවර රජයේ හමුදා වටලයි..

සිම්බාබ්වේ අගනුවර රජයේ හමුදා වටලයි.. තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මෙය හමුදාව ආණ්ඩුව හමුදා බලය අතට ගැනීමක් නොවන බවත් ජනාධිපති මුගාබේ ආරක්ෂිතව සිටින බවත් වාර්තා වේ. බදාදා (15) අළුයම් කාලයේ සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවරට උතුරු පෙදෙසට වන්න පිහිටි … "සිම්බාබ්වේ අගනුවර රජයේ හමුදා වටලයි.."

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක