Menu

Breaking News » දේශපාලන

අගමැති රනිල් කල විශේෂ ප්‍රකාශය.. ‌

අගමැති රනිල් කල විශේෂ ප්‍රකාශය.. ‌ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කල විශේෂ ප්‍රකාශය .. “දැන් මම අගමැති කමේ වැඩකටයුතු භාර ගන්නවා. දෙවැනුව තිබෙන්නේ ඇමති මණ්ඩලය නම් කරන්න. සති කිහිපයට අප ආරම්භ කළ සංවර්ධනය නැවතුණා. පසුගාමී තත්ත්වයකට රට වැටුණා. අපි පළමුමෙන්ම රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා සංවර්ධනය නැවත ඇතිකරනවා. ගිය අවුරුදු තුනේ රට භාර ගත් ආර්ථික තත්වය නිවැරදි කිරිමට ජනතාව දුක් වුණා. … "අගමැති රනිල් කල විශේෂ ප්‍රකාශය.. ‌"

එජාප මන්ත්‍රීන් ඉදිරියේ තබාගෙන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්!

එජාප මන්ත්‍රීන් ඉදිරියේ තබාගෙන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්! ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුුරුම් දීමෙන් අනතුරුව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා ‌වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි..

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි.. මීට සුලු මොහාතකට පෙර නව රජයේ අග‍්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල ඉදිරියේ දිවුරුම් දී ඇත.

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්.. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ සදහා ඔහු නම් කිරීමට නියමිත බවත් එජාප හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකින් ජය ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් මන්ත‍්‍රීවරයා කියයි. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

රනිල් දිවුරුම් දීම ‌11.16ට..

රනිල් දිවුරුම් දීම ‌11.16ට.. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. මෙවර ඔහු අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ පස්වැනි අවස්ථාවටය.

අගමැති රනිල් සමග යෝජිත කැබිනට් ඇමතිලා ලයිස්තුව මෙන්න..

අගමැති රනිල් සමග යෝජිත කැබිනට් ඇමතිලා ලයිස්තුව මෙන්න.. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමෑතීත්වයෙන් යුතු නව ආණ්ඩුව සදහා යෝජිත කැබිනට් මණ්ඩලය බව සදහන් ලයිස්තුවක් අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලයන්හි ප‍්‍රසිද්ධ කර ඇත. එම නිල නොවන ලේඛණය මෙසේය. 1. රනිල් වික්‍රමසිංහ – අග්‍රමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන 2. ගාමිණී ජයවික්‍රම පෙරේරා – වනජීවී, සංචාරක කටයුතු, වයඹ සංවර්ධන සහ බුද්ධශාසන 3. මලික් සමරවික්‍රම – ජාත්‍යන්තර … "අගමැති රනිල් සමග යෝජිත කැබිනට් ඇමතිලා ලයිස්තුව මෙන්න.."

මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.

මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව වාර්තා ‌වෙයි.. අද දින‌යේ ඒ් මහතා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත.

රවිට මුදල් ඇමති ධුරය යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

රවිට මුදල් ඇමති ධුරය යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න.. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ. එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී. රනිල් වික‍්‍රමසිංහ මහතා … "රවිට මුදල් ඇමති ධුරය යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න.."

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට?

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. එය එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා … "නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට?"

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් ‌දෙයි..

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් ‌දෙයි.. එාජප නායක රනිල් වික‍්‍රමසිංහ ඉරිදා දිනයේදී අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව රාජිත සේනාරත්න පවසයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර දුරකථන‌ෙයෙන් ඒ් සම්බන්ධයෙන් සාකච්ජා කල බවත් ඒ මහතා පවසයි.

මහින්ද ‌හෙට ඉල්ලා අස්වෙයි..

මහින්ද ‌හෙට ඉල්ලා අස්වෙයි.. ජනතාව ඇමතීමෙන් අනතුරුව, හෙට දිනයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි..? අද (14) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙනවා. මේ පිළිබඳව තොරතුරු ප්‍රකාශ වී ඇත්තේ අරලියගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවකදීයි. එම ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.

අතුරු තහනම එලෙසමයි..ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

අතුරු තහනම එලෙසමයි..ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න.. මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයා ලෙසත්, අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින්ට එම ධූර වලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත්, පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

මහින්දට එරෙහි පෙත්සම සලකා බැලීම අවසන්..

මහින්දට එරෙහි පෙත්සම සලකා බැලීම අවසන්.. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම අවසන් වී ඇති අතර  ශ්‍රේෂාඨාධිකරණය විනාඩි 10 කට කල් තබා ඇත.  

මහින්ද ජනාධිපති කාර්යාලයට පැමිණෙයි..

මහින්ද ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වෙයි.. වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න..

මහින්දගේ අභියාචනය සලකා බැලීම තවදුරටත්..

මහින්දගේ අභියාචනය සලකා බැලීම තවදුරටත්.. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් එම තනතුරුවල කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් සිදුකෙරෙන බව වාර්තා ‌වෙයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ගොනු කළ එම පෙත්සම් ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ … "මහින්දගේ අභියාචනය සලකා බැලීම තවදුරටත්.."

නඩු තීන්දුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොහොට්‍ටුවේ ‍රැස්වීමේදී ගත් තීන්දු මෙන්න….

නඩු තීන්දුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොහොට්‍ටුවේ ‍රැස්වීමේදී ගත් තීන්දු මෙන්න…. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු, ඉදිරියේදී ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‍රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී මන්ත්‍රීවරුන් පැවසූයේ, එජාපයේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කොලේ වසමින් 19 වන සංශෝධනය සම්මත කළාක් මෙන් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට එජාපයට තිබූ අවස්ථාව පසුගිය මාසයේදී සිදුවූ බල පෙරලිය නිසා … "නඩු තීන්දුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොහොට්‍ටුවේ ‍රැස්වීමේදී ගත් තීන්දු මෙන්න…."

රනිල්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි..

රනිල්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි.. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් ඉවත දමා තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා හා එම ඇමති මණ්ඩලය අගමැති හා කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද අබියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නැයි කරන ලද ඉල්ලීම මෙසේ ඉවත දමා තිබේ. ඒ අනුව … "රනිල්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි.."

ශ‍්‍රීලනිපයෙන් මාධ්‍ය නිවේදනයක්..

ශ‍්‍රීලනිපයෙන් මාධ්‍ය නිවේදනයක්.. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍යවෙත අදහස් දක්වා ඇති බවත් එය ශ්‍රිලනිප යේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. එම මාධ්‍ය නිවේදනය පහතින්

ජනපති, කථානායක හා රනිල් අතර අතිශය පුද්ගලික හමුවක්?

ජනපති, කථානායක හා රනිල් අතර අතිශය පුද්ගලික හමුවක්? ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.

පිල් මාරු යලිත්.. අලුත් ආණ්ඩුවකට සාකච්චා..

පිල් මාරු යලිත්.. අලුත් ආණ්ඩුවකට සාකච්චා.. අධිකරණ නියෝගය ලැබීමෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමට සම්බන්ධ සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව විසරුවන්නේ නැති තත්වය මත සන්ධානයට තවත් පිරිසක් එක් කරගෙන මෙම නව ආණ්ඩුව පිහිටුවීමට සදහා සාකච්චා සිදුවනු ඇතැයිද පැවසෙයි. මෙම නව ආණ්ඩුව සදහා තවත් පිරිසක් එක් කර ගැනීම ගැන මෙන්ම නව ආණ්ඩුවේ … "පිල් මාරු යලිත්.. අලුත් ආණ්ඩුවකට සාකච්චා.."

මහින්දගේ අභියාචනය අදම විභාගයට….

මහින්දගේ අභියාචනය අදම විභාගයට…. අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනය අද දිනම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.  

මහින්ද තින්දුවක් ගැනිමට සූදානම්..

මහින්ද තින්දුවක් ගැනිමට සූදානම්.. අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව සන්ධානයේ මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු කිය සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයින් එම ධූරවල කටයුතු කිරීමත් වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම අද  … "මහින්ද තින්දුවක් ගැනිමට සූදානම්.."

ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්..

ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්.. ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊ‌යේ(13) පවසා ඇත. එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු … "ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්.."

මහින්දට තවත් තීරණාත්මක පෙත්සමක් අද උපරිමාධිකරණයේ..

මහින්දට තවත් තීරණාත්මක පෙත්සමක් අද උපරිමාධිකරණයේ.. මහින්ද රාජපක්‍ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයට එම ධුරයන්හි කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කර ඇති අභියාචනය අද දිනයේ ශ්‍රේෂඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය. මෙම අභියාචනයට විරුද්දවද මෝසමක් ඉදිරිපත් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා සිටින්නේ පංච පුද්ගල විනිසරු මඩුල්ලක් ඉදිරියේදී මෙය විභාගයට ගන්නා ලෙසයි. මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය විසින් … "මහින්දට තවත් තීරණාත්මක පෙත්සමක් අද උපරිමාධිකරණයේ.."

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක