සිවිල් ආරක්ෂකයාගේ සිරුර ඇළකින් මතුවෙයි-මරණය අභිරහසක්

ආණමඩුව-මහඋස්වැව මැරුංගොඩ හත්වන ගම්මානයේ වාරි ඇළක තිබී සිවිල් ආරක්ෂක නියාමකයකුවරයෙතුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

අද(30) අළුයම මෙම මළ සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව මහඋස්වැව ලබුගල ප්‍රදේශයේ පදිංචි නිමල් ප්‍රේමතිලක නැමති 48 හැවිරිදි දෙදරු පියකි.ඔහු පුත්තලම මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පුද්ගලයෙක බවද වාර්තා වෙයි.

අදාළ සිවිල් ආරක්ෂක නිලධාරියා පසුගිය 29 දා සවස ඔහුගේ නිවසේ සිට කිලෝ මිටර් පහක් දුරින් පිහිටි හත්වන ගම්මානයට නුදුරින් ඇති කුඹුරට ජලය හැරවීමට යන බව පවසයා පැමිණ ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් අදාළ තැනැත්තාගේ ගේ සිරුර හත්වන ගම්මානයේ වාරි ඇළක තිබි සොයා ගෙන තිබු අතර ඔහු ගමන් කළ යතුරුපැදියද සිරුර හමුවු ස්ථානයට නුදුරින් පිහිටි පළමු පාලමට අසල ප්‍රදේශයේ පහලට වැටි තිබු බව පොලීසිය සදහන් කළේය.

අදාළ මරණය ඇළට වැටිමේන් සිදුවු හදිසි මරණයක්ද එසේ නැත්නම් ඝාතනයක්ද යන්න පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණ පවත්වනු ලබයි.

මෙම ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වු පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් පසාල් අබුතාහිර් මහතා විසින් සිවිල් ආරක්ෂක නිලධාරියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා පුත්තලම මූලික රෝහල වෙත යැවීමට ආණමඩුව පොලීසිය වෙත නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *