සධීර නවසීලන්තයට යයි..

නවසීලන්තයේදී ‌හෙට(03) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා සධීර සමරවික්‍රම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබේ. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව නැවත දිවයිනට පැමිණීම හේතුවෙන් සධීර නවසීලන්තයට යවා තිබේ.

ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ ආබාධයකට ලක්වීමෙන් ඇන්ජලෝ මැතිව්ස්ට මෙම සංචාරයේ ඉදිරි තරග අහිමිවිය.

දකුණතින් පිතිත හසුරුවන ඉදිරි පෙළ පිතිකරුවකු වන 23 හැවිරිදි සධීර එක්දින ජාත්‍යන්තර තරග හයකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර ඇති අතර එහිදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 132 ක් රැස්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *