ශ‍්‍රීලනිප 25ක් ආණ්ඩුවට එක්වීමට යයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුව සමගින් එක්වන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම පිරිස ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් යන්නේ යයිද ඇමතිවරයා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පයාගල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එජාප මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ස්වාධීන වන්නේ යයි ප‍්‍රකාශ කර ඇතත් ව්‍යවස්ථාව අනුව ඇමති ධුර ලබා දිය හැක්කේ 30ක් පමණක් බවත් අගමැතිවරයාට ව්‍යවස්ථාව කඩන්න බැරි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *