ශ‍්‍රීලනිපයෙන් චන්ද්‍රිකා නෙරපයි..?

ශ‍්‍රීලනිප අනුශාසිකාවක් හා සාමාජිකාවක් වන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තව දුරටත් තබා ගන්නේද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීටම සිදු වන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් මේ වන විට එජාප උවමනාවන් ඉටු කරමින් සිටින්නේ යයිද ඔහු චෝදනා කරයි.

චන්ද්‍රිකා කුමාරතංගගේ නායකත්වයෙන් රාජිත සේනාරත්නගේ පූර්ණ අනුග‍්‍රහයෙන් එජාප උවමනාවට අනුම මෙම කුමන්ත‍්‍රණය සිදුවන බවත් ඔහු කියා සිටී.

මේ තත්වය මත කුමාරතුංග මහත්මිය තව දුරටත් පක්‍ෂයේ තනතුරුවල තබා ගැනීම උචිත නොවන බවද මහ ඇමතිවරයා සදහන් කරයි.

නෙත් ගුවන් විදුලියට අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *