වැඩ වර්ජනයක් කළත් ITN සේවකයින් ආයතනය කඩා වැටෙන්න දුන්නේ නෑ..එහෙම කරපු අයගෙන් පළිගන්නේ ඇයි..(VIDEO)

ස්වාධීන රූපවාහිනී ආයතනයේ දින කිහිපයක් තිස්සේම ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් ප‍්‍රකාශ විය.

එහිදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රිවරයා පවසා සිටියේ ආයතනයේ අභ්‍යන්තර තනතුරු සදහා දේශපාලන පත්වීම් සිදුකිරිම හේතුවෙන් මෙම ගැටුම ඇතිව ඇති බවත් මාධ්‍ය ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවත්ය.

පොලිසිය එම ආයතනයේ සේවකයින්ට පහරදීම පිළිබදව ජනපතිවරයා දැනුවත් කල පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වෙන බව වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

විමල් වීරවංශ මන්ත‍්‍රිවරයා පවසා සිටියේ ITN ආයතනයේ සේවකයින් තම විරෝධය පලකරමින් සිය ආයතනය කඩා වැටීමට ලක්නොවී පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ඔප්පුකර ඇති බවත් පෙන්වූ එම ගුණය නිසා එම සේවකයින්ගේ පළිනොගෙන මෙම ප‍්‍රශ්නයට විසදුමක් ලබාදිය යුතු බවයි

වීඩියෝව ‌ෙමෙතැනින් – https://youtu.be/NdHeNYrbIp0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *