මත්ද‍්‍රව්‍ය විශාල තොගයක් උතුරෙන් අල්ලයි.. TNA ප‍්‍රබලයා පොලිසියට තිත්ත කුණුහරුපෙන් බැණ සැකකරු මුදාගෙන යයි.. පොලිසිය අසරණ වේ

ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා විශාල තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ ප්‍රබල දේශපාලඥයෙකුගේ බලපෑම මත නිදහස් කර යැවීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම කේරල ගංජා මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ගෙන ඇති අතර ඉන්පසු ගබඩාකර තිබූ ස්ථානයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියේ විශේෂ ඒකකයක් විසින් වැටලීම සිදුකරන අවස්ථාවේ දී ජාවාරම්කරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ද සිදු වී තිබේ.

අවසානයේ පොලිස් අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙලේ දේශපාලඥයෙකු දුරකථන ඇමතුමක් දෙමින් ඉහළ පොලිස් නිලධාරියාට ඉතා තදින් බැණ වැදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් නිලධාරීන් විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා දැනුවත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට මෙම තත්ත්වය යොමු කිරීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *