මට විරුද්ධව වැඩ කරන ප්‍රධානම තැන ශ්‍රීලනිප මූලස්ථානයයි..පූර්ණ ප්‍රතිසංවිධානයක්.. – ජනපති

තමන්ට විරුද්ධව වැඩ කරන ප්‍රධානම ස්ථානය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පත්ව ඇති හෙයින් එය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (03) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් තුළ අලුතින් පත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය වර්ෂාවසානයේ පෞද්ගලික සංචාරයක් සඳහා තමන් විදෙස්ගතව සිටියදී ශ්‍රීලනිප මූලස්ථානය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ද ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එම දිනවල ශ්‍රීලනිප මූලස්ථානයේ යතුරු තිබුණේ මරදාන පොලිස් ස්ථානය භාරයේ බව ද වාර්තා විය. කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ ඒ මහතා ශ්‍රීලනිප මූලස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *