බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි දහම් පාසලක් බලෙන් විවෘත කරයි

නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගොස් මීට සති දෙකකට පමණ පෙර වසා දැමුණු පෞද්ගලික දහම් පාසලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊ‌යේ (13) බලහත්කාරයෙන් යළි විවෘත කර තිබේ.

ව්‍යාපාරිකයකු විසින් කිසිදු අවසරයකින් තොරව එම දහම් පාසල පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා පාසලේ ගොඩනැගිලි හා වෙනත් සම්පත් අවභාවිත කළැයිද එම විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මිය පැවසුවාය.

තමා අධ්‍යාපන අමාත්‍යංශයට මේ පිළිබඳව කළ පැමිණිල්ලකින් පසු පරීක්ෂණයක් පවත්වා දහම්පාසල තාවකාලිකව වසා දමා තිබු නමුත් ආණ්ඩුකාරවරයා තමාට දුරකතනයෙන් කතා කර අද යළි බලහත්කාරයෙන් විවෘත කර දහම්පාසල පවත්වාගෙන ගිය වද ඇය කීවාය.

අසාද් සාලි මහතා අනුලා විද්‍යාලයට අද පෙරවරුවේ දහම් පාසල් ළමුන් පිරිසක් සමඟ පැමිණ තමාට දුරකතනයෙන් කතා කර ගේට්ටුව විවෘත කරන ලෙස දන්වා බලපෑම් කළ හෙයින් තමා පාසලේ මුරකරුට දන්වා ගේට්ටුව විවෘත කළ බවද සඳහන් කළාය.

තමා ආණ්ඩුකාරවරයා බවත් ජනාධිපතිවරයාගේ නියෝජිත බවත් ආණ්ඩුකාරවරයා තමාට පැවසු බවද හෙතෙම පැවසුවාය.

මේ පිළිබඳව විමසීමේදී අද්‍යෘපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුයේ අනුලා විද්‍යාලය රේඛීය අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නිසා ඊට මැදිහත් වීමට ආණ්ඩුකාරවරයාට බලයක් නොමැති බවයි.

මෙම දහම්පාසල වසා දමන ලෙස මීට සති දෙකකට පෙර දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *