පේදුරු තුඩුවෙන් ගංජා කිලෝ 114 ක් හසුවෙයි

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 114 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් ඊ‌යේ ( 07) අළුයම පේදුරුතුඩුව මුහුදු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරැවන් පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර, සැකකරැවන් සෙවීමේ මෙහෙයුම තවදුරටත් සිදුකරණු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *