පන්දු රකින්නන් නරඹන්නන් කරමින් තිසර BPL පිටිය වනසයි

බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ කොමිලා වික්ටෝරියන් කණ්ඩායම හා චිතගොන් වයිකින්ස් කණ්ඩායම අතර ඩකා හිදී මේ වන විට පැවැත්වෙන තරගයේ කොමිලා කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 26ක් තුල හයේ පහර 08ක් හා හතරේ පහර 03ක් සමගින් වේගවත් ලකුණු 74*ක් ලබාගැනිමට සමත්විය.

ලකුණු 86කට කඩුලු 05ක් බිද වැටි අසරණව සිටි කොමිලා කණ්ඩායමට ජීවයක් ලබාදුන් තිසර මොහොමඩ් සයිෆුඩීන් සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 98ක සම්බන්ධතාවක් පැවැත්විමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කොමිලා කන්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05කට ලකුණු 184ක් ලබාගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *