නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වෙයි

2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු රැස්වීමට අදාළ න්යාවය පත්‍රය සකස් කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් ඊයේ දිනයේදී පවත්වනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *