චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්ත්වයක..හෙට තරගයට ක‍්‍රිඩා කරන කණ්ඩායම මෙන්න..



නවසීලන්තයට එරෙහිව තවුරංගාහි ‘බේ ඕවල්’ ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්වයක පවතින බව වාර්තා වේ.

විවිධ ආබාධ සහ තරග තහනම් නිසා ගෙවීගිය 2018 වසරේදී චන්දිමාල්ට සහභාගි විය හැකි වූයේ එක්දින තරග 10 කට පමණි. එහිදී චන්දිමාල් අර්ධ ශතකයක්ද සමගින් ඉනිම 8 ක් කදී ලකුණු 298 ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 42.57 ක සාමාන්‍යයක් රැඳවාගනිමිනි. මෙම කාලය තුළ චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 76.02 කි.

අවසන් වරට එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ චන්දිමාල් එහිදී පිතිකරුවකු ලෙස එතරම් සාර්ථක නොවීය. එම තරගාවලියේ පළමු තරගය වැස්සට සේදී ගිය අතර සෙසු තරග හතරේදී අර්ධ ශතකයක්ද සමගින් ඔහුට රැස්කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි

එසේම හෙට (03) පැවැත්වෙන තරඟය සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන සධීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවෙනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1 කුසල් පෙරේරා, 2 නිරෝෂන් දික්වැල්ල (wk), 3 සධීර සමරවික්‍රම, 4 කුසල් මෙන්ඩිස්, 5 ධනංජය ද සිල්වා, 6 අසේල ගුණරත්න, 7 දසුන් ශානක , 8 තිසර පෙරේරා, 9 ලක්ෂාන් සඳකැන්, 10 දුෂ්මන්ත චමීර, 11 ලසිත් මාලිංග (capt.)

නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1 මාටින් ගප්ටිල්, 2 කොලින් මුන්රෝ, 3 කෙන් විලියම්සන් (capt.), 4 රොස් ටේලර්, 5 හෙන්රි නිකොලස්, 6 ටිම් සයිෆර්ට් (wk), 7 ජේම්ස් නේෂම්, 8 ඉෂ් සෝඩී, 9 මැට් හෙන්රි, 10 ට්‍රෙන්ට් බොල්ට්, 11 ලොකි ෆර්ගසන්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *