කුසල් පෙරේරාට ට උසස්වීමක්..හෙට තරගයට ක‍්‍රීඩා කල හැකි කණ්ඩායම් මෙන්න..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම විස්සයි 20 තරගය ‌හෙට නවසිලන්තයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වෙයි.

නවසීලන්තය සමග පසුගියදා පැවති තෙවැනි එක්දින තරගයේදි අාබාධයකට ලක්විම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක හෙට (11) තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවත් එ වෙනුවට කුසල් ජනිත් පෙරේරා එම ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති බවත් වාර්තා ‌වෙයි.

එසේම කණ්ඩායම් ආරංචි මාර්ග අනුව හෙට (11) ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් අවසන් 11 දෙනා පිළිබඳව නවසීලන්ත ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.නිරෝෂන් දික්වැල්ල 2.කුසල් ජනිත් පෙරේරා 3.කුසල් මෙන්ඩිස් 4. තිසර පෙර්රා 5. දසුන් ශානක 6. ධනංජය ද සිල්වා 7. අසේල ගුණරත්න 8. සීකුගේ ප්‍රසන්න 9.ලසිත් මාලිංග 10.ලක්ෂාන් සඳකැන් 11.කසුන් රාජීත

නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1 කොලින් මුන්රෝ, 2 මාර්ටින් ගප්ටිල්, 3 ග්ලෙන් පිලිප්ස්, 4 රොස් ටේලර්, 5 හෙන්රි නිකොලස්, 6 ටිම් සර්ඵට් , 7 මිචෙල් ස්ටෙනර්, 8 ටිම් සවුති , 9 ඩොයුග් බ්‍රෑක්වෙල් , 10 ඉෂ් සොදි, 11ලොකී පර්ගියුසන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *