කිවියන්ගෙන් සිංහයන්ට දැවැන්ත ඉලක්කයක්…

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07ක් දැවී ලකුණු 371ක් ලබාගැනීමට සමත්විය.

විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් පන්දු 139කදී හයේ පහර 05ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුනු 138ක් රැස් කළ අතර එය ඔහුගේ 14වන ශතකය ලෙස වාර්තා අතරට එක්විය.

ආරම්භක පිතිකරු මුන්රෝ පළමු කඩුල්ල ලෙස ලකුණු 13කට දැවි යාමෙන් පසු නායක කේන් විලියම්සන් (76) සමග එක්වෙමින් දෙවැනි කඩුල්ලට දැවැන්ත ලකුණු 163ක් එක් කල ගප්ටිල් තෙවැනි කඩුල්ලට රොස් ටේලර් සමග එක්වෙමින් වේගවත් ලකුණු 88ක් එක්කිරීමටද සමත්විය.

වේගවත් ඉනිමක් ක‍්‍රිඩා කළ රොස් ටේලර් පන්දු 37කදී හයේ පහර 02ක් හා හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් රැුස් කළේය.

තිසර පෙරේරාට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරමින් 49 වැනි පන්දුවාරයේදී ජිමී නිශම් හයේ පහර 05ක් සමගින් ලකුණු 34ක් රැස් කිරිම සුවිශේෂී විය.ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කල නීශම් පන්දු 13කදී නොදැවී ලකුණු 47ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් ප‍්‍රදීප් ,තිසර පෙරේරා හා ලසිත් මාලිංග කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *