කිවියන්ගෙන් යළිත් ප‍්‍රහාරයක්..ශ‍්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කන්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 04ක් දැවී ලකුණු 364ක් ලබාගැනීමට සමත්විය.

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ රොස් ටේලර් පන්දු 131කින් හයේ පහර 04ක් හා හතරේ පහර 09ක් සමගින් ලකුනු 137ක් රැුස් කිරීමට සමත්වූ අතර මුල් පෙල කඩුලු 02 ලකුණු 31කට දැවී තිබියදී නායක කේන් විලියම්සන්(55) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 116ක් හා හෙන්රි නිකලස් සමග එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 154ක් එක් කිරීමටද ටේලර් සමත්විය.

ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කල නිකලස් පන්දු 80කදී හයේ පහර 03ක් හා හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 124ක් රැුස් කලේය.

පන්දු යැවීමේදී දැඩි ප‍්‍රහාරයකට ලක්වුවත් ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් බිද දැමීමට ලසිත් මාලිංග සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *