කළුතර වෙඩි තැබීමක්..

කලුතර උතුර පොලිස් වසමේ ගාලුපාර තොටුපොළ හංදිය අසළදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසින් මාර්ගයේ සිටි පුද්ගලයෙක්ට ඊයේ (01දා) රාත්‍රියේ වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර හඳුනාගෙන ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *