කමිල් මිෂාර‌ගේ ශතකය අපතේ යයි..

සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලි‌යේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවැති පළමු තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ කඩුලු හතක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 263 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 47.5 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ඔලිවර් ඬේවිස් පන්දු 44 කින් හතරේ පහරක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 50 ඕස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණය ඉක්මන් කරා රැගෙන ගිය අතර සෑම් ෆැනින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 94 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර දෙකක් සමගින් රැස්කළ ලකුණු 108 ඕස්ට්‍රේලියානු පහසු ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 157 කින් ලකුණු 129 ක් රැස්කළේය. කමිල්ගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය. කමිල් ශතක සම්පූර්ණ කිරීමට පන්දු 145 ක් වැය කළේය.

කමිල් මිෂාර සහ නායක නිපුන් ධනංජය තෙවැනි කඩුල්ලට පන්දු 96 කින් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් ලකුණු 262 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. නිපුන් පන්දුව පන්දු 44 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළේය..

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කමිල් මිෂාර සහ නවෝද් පරණවිතාන පන්දු 172 කින් ලකුණු 126 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *